චීනයේ සුෂෝ (Suzhou) නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව, ජපාන වෙළෙඳ අමාත්‍ය රියෝසෙයි අකසාවා (Ryosei Akazawa) සහ චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ (Wang Wentao) අතර කෙටි සංවාදයක් සිදුව තිබේ. චීනයේ සුෂෝ (Suzhou) නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව, ජපාන වෙළෙඳ අමාත්‍ය රියෝසෙයි අකසාවා (Ryosei Akazawa) සහ චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ (Wang Wentao) අතර කෙටි සංවාදයක් සිදුව තිබේ පසුගිය සිකුරාදා පැවැති නිල රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙර මෙම හමුවීම සිදුව ඇති අතර, එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අදහස් හුවමාරුවක් බැවින් එහි අන්තර්ගතය පිළිබඳ විස්තර අනාවරණය කළ නොහැකි බවත්, දෙරට අතර කිසිදු නිල ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුනොවූ බවත් ජපාන අමාත්‍යවරයා සෙනසුරාදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
පසුගිය නොවැම්බර් මාසයේදී ජපාන අගමැතිනී සානේ ටකායිචි (Sanae Takaichi) විසින් තායිවානයට චීනයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකදී ජපානය ඊට ප්‍රතිචාර දැක්විය හැකි බවට කළ ප්‍රකාශයක් මුල්කර ගනිමින් දෙරට අතර දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හටගත්තේය. ඉන්පසු චීනයට සංචාරය කළ ඉහළම ජපාන නිලධාරියා අකසාවා මහතා වන අතර, මෙම කෙටි හමුවීම අර්බුදයෙන් පසු දෙරටේ අමාත්‍යවරුන් අතර සිදුවූ පළමු සෘජු සම්බන්ධතාවයි.මෙම මතභේදයෙන් පසු චීනය විසින් ජපානයට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් තම පුරවැසියන්ට ජපානයේ සංචාරය නොකරන ලෙස උපදෙස් දුන් අතර, විද්‍යුත් මෝටර් රථ සහ ආයුධ නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන ‘දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය’ (Rare Earths) ජපානයට අපනයනය කිරීමද මාස හතරක පමණ කාලයක සිට අත්හිටුවා ඇත. මෙවැනි පසුබිමක, අපනයන රටවල් විසින් මෙලෙස අත්තනෝමතික ලෙස අපනයන පාලනයන් පැනවීම ගෝලීය සැපයුම් දාමයන්ට දැඩි ලෙස බලපාන බැවින් ඒවා නිවැරදි කළ යුතු බව ජපාන අමාත්‍යවරයා APEC සැසියේදී අවධාරණය කර තිබේ.














