ජපන්-ශ්‍රී ලංකා සහයෝගීතා මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ජපානයේ සහ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වූ අතර, දෙරටේ සංස්කෘතික සබඳතා විදහා දැක්වෙන විවිධ අංගයන් එහිදී ඉදිරිපත් කෙරිණි.
මෙහිදී ජපන් සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීමට ජපානයේ දරුවන් සහ තරුණ තරුණියන් එක් වූ අතර, ඒ සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ දායකත්වය ද හිමි විය. උත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ ජපන් ගීත ගායනා තරගයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණු අතර, නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීම උදෙසා මෙවැනි වැඩසටහන් ඉවහල් වේ. සංස්කෘතික හුවමාරුව හරහා දෙරටේ තරුණ පරපුර අතර අවබෝධය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම මෙම උත්සවයේ මූලික අරමුණ වූ අතර, අනාගතයේදී ද මෙවැනි වැඩසටහන් දිරිගැන්වීමට බලධාරීන් කටයුතු කරනු ඇත.
















