• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජොබ් දෙන වැඩෙන් ආණ්ඩුවට ගැලවීමක් නෑ

4 August 2018
in දේශීය

සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වගකීමෙන් ආණ්ඩුවට ගැලවීමක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් විරවංශ මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මීට වසර තුනකට පෙර නව රැකියා අවස්ථාවන් දසලක්ෂයක් උත්පාදනය කිරීමට දසඅතේ පොරොන්දු වී බලයට ආ මේ වැඩබැරි ආණ්ඩුව අවම තරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසට හෝ රැකියා අයිතිය සුරක්ෂිත කිරීමට අසමත් වී තිබෙන බවයි.

සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා ලබාදීම පසුගිය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වු අතර ඒ අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත් සියලූ රැකියා විරහිත පිරිස්වලට රජයේ රැකියා හිමි විය යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණ නායක විමල් විරවංශ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

එසේ 2004 -2014 දක්වා රජයේ රැකියා ලද උපාධිධාරී සංඛ්‍යාව ලක්ෂ එකහමාරකට අධික ය. එය පසුගිය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පමණක් නොව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී මෙරට රජය විසින් අනුගමනය කළ යුතු ජාතික ප‍්‍රතිපත්තිය විය යුතු ය. මේ වැඩබැරි ආණ්ඩුව 2017 අගෝස්තුවේ දී රැකියා විරහිත උපාධිධාරීන්ට රැුකියා ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීමක් පමණක් සිදු කළ අතර එවිට ලැබුණු අයදුම්පත‍්‍ර සංඛ්‍යාව 60,000ක් පමණ විය. එහෙත් රැකියා ලැබුණු කිසිවකුත් නොවීය. මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් පිරිස 80,000කට අධික ය.

රැකියා විරහිත සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදීම කෙසේ වෙතත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් අනුගමනය නොකළ කප්පාදුවක් මේ ආණ්ඩුව සිදුකර ඇත. එනම් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් සලකා බාහිර උපාධිධාරීන්ට අසමානව සැලකීම ය. අභ්‍යන්තර උපාධිධාරියකුට සම්මුඛ පරීක්ෂණයේ දී බාහිර උපාධිධාරියෙකුට වඩා ලකුණු 25ක් ලබා දීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම ය.

මෙය අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් වන අතර සමාන තැනැත්තන්ට අසමානව සැලකීම කි. ඒ අනුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට නොහැකිව රජයේ විශ්වවිද්‍යාලයක බාහිර උපාධියක් හැදෑරූ අයකුට පවා අසමානව සලකා ඇත.

එපමණක් නොවේ පක්ෂ භේදයකින් තොරව මෙරට ජනතාව, විශේෂයෙන් නූතන තරුණ පරපුර දැඩිව පිළිකුල් කරන එහෙත් එජාපය හිස මුදුනින් පිළිගත් ‘‘දේශපාලන හෙන්චයියන්ට මුල්තැන දීම’’ අවසානයේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී ද සිදුව ඇත. ඒ නිසා අප මේ වැඩබැරි ආණ්ඩුවට දැඩිව අවධාරණය කරන්නේ අභ්‍යන්තර උපාධි – බාහිර උපාධි භේදයක් හැදීම සහ දේශපාලන හිතවත්කම් මත රැකියා විරහිත උපාධිධාරීන්ට රැුකියා ලබාදීම වහා නතර කරන ලෙස ය. සියලූ රැුකියා විරහිත උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා ලබාදෙන ලෙස ය.

 

Post Views: 9
Previous Post

සිම්බාබ්වේ ජනපති ධුරයට එමර්සන් මනන්ගග්වා පත් වෙයි

Next Post

සිංදු නැති වුණාට දැනෙන දෙයක් අපි කළා

editor

editor

Next Post

සිංදු නැති වුණාට දැනෙන දෙයක් අපි කළා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved