27 July 2024
#සංවර්ධන

සිංදු නැති වුණාට දැනෙන දෙයක් අපි කළා

අද පන්සල්වලට ගිහින් ස්වාමීන් වහන්සේලාටත් වඩා බෞද්කම සිංහලකම ගැන කථා කරන අයට එදා මේ රට මත් ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් වෙන එක නවත්වන්න බැරි වු බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය කියා සිටියේ බෝඩ් පෝස්ටර් උදේ ඉදලා මහරජාගේ සින්දු නැති වුණාට මේ වසර තුන තුළ අපි ජනතාවට අවශ්‍ය දැනෙන සංවර්ධනයක් සිදු කළ බවයි.

සමහර වෙලාවට අපි කාන්තාවන් වශයෙන් බොහොම අපහසුතාවයට පත් වෙනවා අර මුහුණු පොත හරහා කරන දේවල් දැක්කහම ඒවා ගණන් ගන්නේ නැති බවත් විවේචනය කිරීමේ අයිතිය උපරිමව තිබෙන බව ඇය කියා සිටියේය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පිබිදෙමු පොලොන්නරුව ජනාධිපති වැඩ සටහන යටතේ ඉදි කළ අරලගංවිල දේවගම ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට පසුගිය 02 වනදා එක්වෙමින්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *