ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් (Joe Root) ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් යළිත් ප්‍රථම ස්ථානය අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. ඒ හේතුවෙන් මීට පෙර ප්‍රථම ස්ථානයේ පසු වූ එංගලන්තයේම හැරී බෲක්ට (Harry Brook) දෙවැනි ස්ථානය දක්වාත්, ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ට (Travis Head) තෙවැනි ස්ථානය දක්වාත් පසුබැසීමට සිදුව ඇත.
මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානය තවදුරටත් ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සතුව පවතින අතර, ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කමිඳු මෙන්ඩිස් ද සිය 5 වැනි ස්ථානය ස්ථාවරව රැකගෙන සිටියි. මීට අමතරව පළමු දසදෙනා (Top 10) අතර සිටින අනෙක් එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල් 9 වැනි ස්ථානයේ පසුවෙයි. දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා 6 වැනි ස්ථානය ද, ඉන්දීය ක්‍රීඩකයන් වන ශුබ්මන් ගිල් 7 වැනි ස්ථානය සහ යෂස්වි ජයස්වාල් 8 වැනි ස්ථානය ද හිමිකරගෙන තිබේ.
















