• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරිසරය වෙනුවෙන් වගකීම ඉටුකරන්න එක්වන්න – ජනපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි

22 March 2021
in දේශීය

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

“සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කරන බව ජනාධිපතිවරයා පැවසීය.

විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට හැම කෙනෙක්ම තම වගකීම ඉටුකිරීමට එක්වන්නැයි ජනාධිපතිවරයා සමාජ මාධ්‍යවල පරිසරය ගැන කතා කරන සියලුදෙනාගෙන් ද ඉල්ලා සිටී.

පරිසර විනාශයක් පිළිබඳ නිර්මාණය කොළඹ සිට කෙරෙන සැලසුම්සහගත වැඩසටහනකි. දශකයකට පමණ පෙර කොළඹ සහ තදාසන්න නගර පැවති ආකාරය බොහෝ දෙනෙකුට අද අමතකය. කොළඹ කුණු කඳු ඉවත් කර, ගොඩකර තිබූ පහත් බිම් සේම තෙත් බිම් යළි සංවර්ධනය කර කොළඹ හරිත නගරයක් කළ බව ජනාධිපතිවරයා සිහිපත් කරයි. මේ ප්‍රගතිය සිංගප්පූරුව ඇතුළු ලොව රටවල් රැසක අවධානයට යොමු වු බව රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ලෝක ජල දිනයට සමගාමීව අද (22) පෙරවරුවේ ඓතිහාසික කතරගම පූජා භූමියේ මැණික් ගඟ අසබඩදී ආරම්භ කරමිනි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ යන මහත්වරු ද ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

වාර්ෂිකව නව ව්‍යවසායකයන් 2000ක් බිහිකිරීමට NEDA හා SDB එක් වෙයි

Next Post

පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

editor

editor

Next Post

පාර්ලිමේන්තුව හෙට යළි රැස්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved