• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක්

29 March 2021
in දේශීය

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

ඒ අනුව එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක තුළ රැස්වීමට සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට එහිදී එකඟතාවය පල විය.

මෙම තීරණ ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදීය.

1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරිමක් මේ දක්වා සිදු නොවීම පිලිබඳව කමිටුවේ අවධානයට යොමු විය. එයට අමතරව මුතුරාජවෙල පරිසර පද්ධතිය හෙක්ටයාර 2569ක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන තිබුණද හෙක්ටයාර 1285ක් පමණක් අභයභූමිය ලෙස හඳුනා ගැනීමට හේතු කවරේද යන්න පිලිබඳවද කමිටුව එහිදී විමසීමට ලක් කලේය.

1990 ඔක්තොබර් 15 දින ශ්‍රී ලංකාව එළැඹි රම්සා සම්මුතියට අනුව මෙම තෙත් බිම් කලාපය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වූ අතර මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය සහ මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු පරිසර කමිටුව යන සංවිධාන නියෝජිතයන් විසින් මෙහිදී මුතුරාජවෙල සංරක්ෂණය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක්ද සිදු කරන ලදී ලදී.

හෙක්ටයාර 6000 ඉක්මවන මුතුරාජවෙල පරිසර පද්ධතියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය සහ එම අභයභූමිය තුළ පවත්නා පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් වල ප්‍රමාණය තවමත් නිසි අයුරින් හඳුනා ගැනීමට අදාල ආයතන අසමත් වීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.

මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබුණද ඒවා සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාවේ අවධානයට ලක් විය.

එයට අමතරව ජෛව විවිධත්වයට අදාල සමීක්ෂණ හා පර්යේෂණ වලින් ලැබෙන ප්‍රතිඵල, වනජීවී සංරක්ෂණයට අදාල සියලුම අංශ අතර යාවත්කාලීනව හුවමාරු කරගැනීමේදී අදාල ආයතන අතර ඇති දුර්වලතාවන් මගහරවා ගතයුතු ආකාරය පිළිබඳව කමිටුව සිය අදහස් පල කළේය.

ශ්‍රී ලංකාවට ආවේනික ශාක වාණිජකරණය නැවැත්වීමට අවශ්‍ය නීතිමය අවකාශය තවදුරටත් පුළුල් කිරීම සහ සත්ව විශේෂයන්හි ජාන මංකොල්ලය නැවැත්වීමට විශේෂ සම්බන්ධිකරණ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිනි.

මෙම රැස්වීමට කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක, ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසාම්මිල්, බී.වයි.ජී. රත්නසේකර, වෛද්‍ය උපුලු ගලප්පත්ති, හරිනි අමරසූරිය, වීරසුමන වීරසිංහ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මුතුරාජවෙල සුරැකීමේ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක්ද සහභාගී වූහ.

Post Views: 8
Previous Post

AIA ඉන්ෂුවරන්ස් විසින් cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි

Next Post

පළාත් සභා ගැන ගියපාර වුණ දේ මේ පාර වෙන්න දෙන්න එපා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය

editor

editor

Next Post

පළාත් සභා ගැන ගියපාර වුණ දේ මේ පාර වෙන්න දෙන්න එපා - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved