මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දැඩි නොසන්සුන් සහ මිලිටරි ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ ජෝර්දානය පුරා එකවරම ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සයිරන් නාද වෙමින් පවතින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. අසල්වැසි රටවලින් එල්ල විය හැකි මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාරයන් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ලෙස මෙම සිරෙන් නාද වන්නට ඇති බවට සැක කෙරෙන අතර, මේ හේතුවෙන් සමස්ත ජෝර්දාන වැසියන් දැඩි නොසන්සුන්තාවයට සහ භීතියට පත්ව සිටිති. කෙසේ වුවද, මෙම අනතුරු ඇඟවීමට හේතුව හෝ කලාපීය ආරක්ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත.
















