විදේශීය මත්පැන් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක කළමනාකාර කෝසල කාරියවසම් සහ අල්ලස්, කොමිස් මෙන්ම රහසිගත වාණිජ තොරතුරු පිටතට දීමේ චෝදනා ලැබූ IT අංශයේ නියෝමල් ජයවර්ධන යන දූෂිත නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට JVP වෘත්තීය සමිතිය බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. සේවයෙන් ඉවත් කළ ද නියෝමල් ජයවර්ධන විසින් CCA 2892 දරන රාජකාරී රථය ද බලහත්කාරයෙන් තබාගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, පුරප්පාඩුව පවතින ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරට යෝජනා වී සිටින අවංක ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන IT ප්‍රධානී චාමර පෙරේරාට එරෙහිව නියෝමල් හරහා අභූත චෝදනා එල්ල කර, එම තනතුරට මත්පැන් ජාවාරම්කරුවන් රැකි ආරක්ෂක අංශ ප්‍රධානී බන්දුල වේරගම පත්කිරීමේ කුමන්ත්‍රණයක JVP වෘත්තීය සමිතිය නිරත වන බවට ආරක්ෂක අංශ සේවකයෝ චෝදනා කරති. තමන් ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිතිය ලෙස හඳුන්වා ගනිමින් සිදුකරන මෙම ක්‍රියාකලාපය සේවකයින්ගේ දැඩි පිළිකුලට ලක්ව ඇත.














