2026 ජූලි මාසය සඳහා ඔවුන්ගේ අත්තිකාරම් ආදායම් බදු (AIT), රඳවා ගැනීමේ බද්ද (WHT) සහ අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) ගෙවීම 2026 අගෝස්තු 15 වන දිනට හෝ එදිනට පෙර පියවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ නිවේදනයට අනුව, මාර්ගගත බදු ගෙවීම් වේදිකාව (OTPP) ඔස්සේ හෝ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් මෙම ගෙවීම් පහසුවෙන් සිදු කළ හැකි බව සඳහන් වේ. එමෙන්ම, නියමිත දිනට බදු ගෙවීම් සිදු නොකළහොත් ඒවා ප්‍රමාද වූ බදු ගෙවීම් ලෙස සලකනු ලබන අතර, ඒ සඳහා දඬුවම් හා දඩ මුදල් ගෙවීමට සිදුවන බවද බලධාරීන් වැඩිදුරටත් අනතුරු අඟවයි.














