රජය විසින් යල මහ දෙකන්නය සඳහා ලබා දෙන පොහොර සහනාධාරය කැබිතිගොල්ලෑව, ගෝණමැරියාව ප්‍රදේශයේ ගොවීන්ට මේ වන තෙක් ලැබී නොමැති බව එම ගොවීහු චෝදනා කරති.
පොහොර සහනාධාර ලබා දී ඇති බවට රජය ප්‍රසිද්ධියේ නිවේදනය කළද, එම සහනාධාර ගම්මාන කරා පැමිණීමේදී අතරමග නැවතී ඇති බව ගොවීන් පවසයි. මේ හේතුවෙන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද, තම වගාවන් බේරා ගැනීම සඳහා වෙළෙඳපොළෙන් අධික මිලකට පොහොර මිලදී ගැනීමට තමන්ට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති. තමන් ගුරුහල්මිල්ලෑව වැනි ගම්මානවල පදිංචි ගොවීන් බවත්, තම වගාවන් සඳහා සහනාධාර මුදල් හෝ පොහොර මෙතෙක් නොලැබුණු බවත් ගොවි මහතුන් වැඩිදුරටත් කියා සිටී.
ගොවීන් පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ බලධාරීන් වහා මැදිහත් වී, එම සහනාධාර මුදල් හෝ පොහොර තොග අතරමග නතර වී ඇත්තේ කොතැනකදැයි සොයා බලා වහා පරීක්ෂණයක් පවත්වන ලෙසයි.














