කඩවත පොලිස් වසමේ ඉහළ බියන්වල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) දහවල් සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් 740ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු කඩවත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙම මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














