කඩවත සහ පුත්තලම යන පොලිස් වසම් තුළ ඊයේ (23) සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කඩවත බස් නැවතුම්පළ අසලදී බස් රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරින්, රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. බරපතල තුවාල ලැබූ ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, පුත්තලම – කුරුණෑගල මාර්ගයේ පුත්තලම නගරය ආසන්නයේදී ලොරි රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරින් 64 හැවිරිදි මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බරපතල තුවාල ලැබූ පදිකයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, එම අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරුද මේ වන විට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන බව පුත්තලම පොලිසිය පවසයි.
















