කඩුගන්නාව පොලිස් වසමේ බැලුම්ගල ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ 38 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා අතර ඇතිවූ බව කියන ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙය සිදුවී ඇති බවට දැනට සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සිද්ධියට සම්බන්ධ සැකකරු ද සුළු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















