• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩුගන්නාව කුරුදුවත්ත ගම්මානය අඳුරේ!

දිනකට 15 වතාවක විදුලිය කප්පාදුක් බලධාරීන්ට ලියුම් ලියා හෙම්බත් වූ ජනතාවගේ හඬ මෙන්න

27 May 2026
in දේශීය, පුවත්
කඩුගන්නාව කුරුදුවත්ත ගම්මානය අඳුරේ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර දිස්ත්‍රික්කයේ, කඩුගන්නාව, හේනාවල ප්‍රදේශයට අයත් කුරුදුවත්ත ගම සහ ඒ අවට ප්‍රදේශවාසීන් වසර දෙක තුනක සිට මුහුණ දෙන අතිශය බරපතළ සහ අසාධාරණ විදුලි බිඳවැටීමේ ගැටලුවක් පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බලධාරීන්ගේ අවධානය පිණිස දැවැන්ත විරෝධයක් සහ ආයාචනයක් ඉදිරිපත් කර තිබේ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දිනකට අවම වශයෙන් 6-7 වතාවකට වඩා වැඩි වාර ගණනක් විදුලිය කප්පාදු වන බවත්, ඇතැම් දිනවල මෙම තත්ත්වය 10-15 වතාවක් දක්වා උපරිම මට්ටමකින් සිදුවන බවත්ය.
සමහර අවස්ථාවලදී මෙම විදුලි බිඳවැටීම් මිනිත්තු කිහිපයකට සීමා වුවද, පැය ගණන් දීර්ඝ වන අවස්ථාවන් ඕනෑතරම් පවතින බව පවසන ජනතාව, මේ වන විට වසර කිහිපයක් තිස්සේ දිනකට අවම වශයෙන් දෙවතාවක්වත් අනිවාර්යයෙන්ම විදුලිය විසන්ධි වන බව පවසති. මීට අමතරව සුළු වැස්සක් හෝ සුළු සුළඟක් හැමූ සැණින් විදුලිය ඇනහිටින අතර, නඩත්තු කටයුතු (Maintenance) බව පවසමින් මාසයකට දිනක් හෝ දෙකක් උදේ 8 සිට සවස 5 දක්වා අඛණ්ඩව විදුලිය කපා හැරීම නිසා මාසයෙන් සැලකිය යුතු කාලයක් තමන් අඳුරේ ගත කරන බව ඔවුහු පෙන්වා දෙති. ඇතැම් අවස්ථාවලදී විදුලි උපකරණ පවා විනාශ වන අයුරින් අඩු වෝල්ටීයතා (Dim) තත්ත්වයන්ද පවතින බව වාර්තා වෙයි.
විදුලි පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1987 වෙත සිය දහස් වාරයක් දැනුම් දුන්නද ඉන් කිසිදු ස්ථාවර පිළිතුරක් හෝ විසඳුමක් නොලැබෙන බවයි. එමෙන්ම පේරාදෙණිය සහ පිළිමතලාව යන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලවල නිලධාරීන්ට ලිඛිතව සහ වාචිකව නැවත නැවතත් දැනුම් දුන්නද වගකීමක් ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත. මෙම අසාධාරණයට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය (CEB Head Office), ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), බලශක්ති අමාත්‍යාංශය සහ රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකුටම නිල වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් කිසිදු පාර්ශවයකින් සහනදායී පිළිතුරක් ලැබී නොමැති බව ජනතාව පවසති. රාජ්‍ය කාර්යාලවල වගකිවයුතු නිලධාරීන්ගේ පවතින මෙම බිහිරි සහ අකාර්යක්ෂම පිළිවෙත නිසා, අවසාන විකල්පය ලෙස ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය හරහා හෝ මෙම පීඩාව ඉහළ බලධාරීන්ගේ ඇස ගැටෙන තෙක් මෙම සටහන උපරිමයෙන් Share කර සහයෝගය දක්වන ලෙස කුරුදුවත්ත ගම්වාසීහු සමස්ත ලංකාවාසී ජනතාවගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිති.
මුලාශ්‍ර – කඩුගන්නාව, හේනාවල පාරිභෝගික එකමුතුව
Post Views: 0
Previous Post

රෝහලෙන් පැනගිය හැටන් ද්විත්ව ඝාතන සැකකරු වතුයායේ සැඟව සිටියදී යළි කොටු වෙයි

Next Post

ප්‍රජා සෞඛ්‍යයට එල්ල වන බරපතළ තර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රජා සෞඛ්‍යයට එල්ල වන  බරපතළ තර්ජනයක්

ප්‍රජා සෞඛ්‍යයට එල්ල වන බරපතළ තර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved