කඩුගන්නාව පොලිස් වසමේ, පිළිමතලාව – ගිරාගමවත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක අතුරුදහන් වී ඇති බවත්, ඇය සොයා ගැනීමට මහජන සහාය අවශ්‍ය බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
අතුරුදහන් වූ තරුණියගේ සැමියා විසින් මාර්තු මස 11 වැනි දින මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, අදාළ තරුණිය සිය පවුලේ අයට නොදන්වා නිවසින් බැහැරව ගොස් ඇති බවත්, මේ දක්වා ඇය නැවත නිවසට පැමිණ නොමැති බවත්ය.
මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදහන් වූ තරුණිය පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ වහාම කඩුගන්නාව පොලිසිය වෙත දැනුම් දෙන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංක:
071 8591060
081 2571222
















