කඩුවෙල – අතුරුගිරිය මාර්ගයේ දියදිට්ට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි රැහැනක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (27) අලුයම අතුරුගිරිය දෙසට ධාවනය වූ මෙම යතුරුපැදිය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
















