කොළඹ සිට ගාල්ල, මාතර හරහා හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 3.0ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (30) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ. විශේෂයෙන්ම බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නියැලෙන ප්‍රජාව මෙන්ම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තරයේ ඉල්ලා සිටී.
















