ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේදී’ (World Athletics Silver Level Continental Tour 2026) ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් විශිෂ්ට දස්කමක් දැක්වීමට ප්‍රමුඛ පෙළේ කෙටි දුර ධාවන ක්‍රීඩක කාලිංග කුමාරගේ සමත් වී තිබේ.
ඒ අනුව, පිරිමි මීටර් 400 ධාවන ඉසව්වට එක් වූ ඔහු තත්පර 45.61 ක දක්ෂතා කාලයක් සටහන් කරමින් මෙම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා නාමය ඉදිරියට ගෙන යමින් ඔහු ලැබූ මෙම ජයග්‍රහණය රටටම ආඩම්බරයක් ගෙන දෙන්නක් විය.
















