කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ නිවසක තිබියදී ‘පී කැප්’ මත්පෙති සහ බීඩි කොළ තොගයක් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන එන ලද මෙම මත්පෙතිවල වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර, බීඩි කොළවල වටිනාකම තවදුරටත් ගණනය කරමින් පවතින බව පොලිසිය පවසයි. කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්දගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක පතිරණ ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරු මත පසුගිය සතිය තුළ පමණක් මෙවැනි වැටලීම් හතරකට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමට සමත්ව ඇත.
















