කළු ගඟ ද්‍රෝණියට මේ වන විට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම නිවේදනයට අනුව, කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ මෙලෙස අවදානමට ලක්විය හැකි අතර, පැල්මඩුල්ල යනු එම අවදානමට ලක්විය හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකි.














