පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙහි පිහිටි සියලුම පාසල් හෙට (04) දිනයේ වසා දැමීමට තීරණය කර තිබේ.
ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑමේ අවදානම හමුවේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.














