කළුතර දකුණ, වෙට්ටුමකඩේ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු මාලිගාවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මෙම සාහසික ඝාතනයේ මහමොළකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු ඊයේ (01) දහවල් කළුතර, ටවුන් ක්ලබ් මාවතේ ක්‍රීඩාපිටිය අසලදී පොලිස් අත්අඩංගුවට පත් විය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර වික්‍රමසිංහ පෙදෙසේ පදිංචි “ඉම්රාන්” නැමැති අයෙකු සහ ඇහැලියගොඩ, තලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 360ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ කළුතර දකුණ, මරිකාර් වීදියේ පදිංචිව සිටි මොහොමඩ් ශෆීක් (අෆී) නැමැති 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඉකුත් මැයි 28 වැනිදා පෙරවරු 8.45ට පමණ, හජ්ජි උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානයට ගොස් යතුරුපැදියෙන් ආපසු පැමිණෙමින් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මඟ හරස් කළ පිරිසක්, මෝටර් රථයක සිට ගිනි අවියකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















