ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව ඊයේ (29) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වා තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතා මෙහිදී පිළිගැනීමේ කතාව සිදුකරමින් ප්‍රකාශ කළේ ජනමාධ්‍යවේදීන් දැනුමෙන් සන්නද්ධ වීම සමාජ ප්‍රගමනයට අත්‍යවශ්‍ය වන බවයි. දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ ඔවුන් දෛනිකව මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. නීතිඥ ජගත් ලියනාරච්චි මහතා “ජනමාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය හා නෛතික පසුබිම” පිළිබඳවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතා මාධ්‍ය කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳවත් දේශන පවත්වමින් සම්පත් දායකත්වය ලබා දුන්හ.
ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ඇගයීම සඳහා ඉදිරියේදී සුවිශේෂී වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළේය. වැඩසටහන අවසානයේ සහභාගී වූ සියලු මාධ්‍යවේදීන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු වූ අතර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිලධාරීන් රැසක් මෙයට සහභාගී වූහ.














