සේවය නිම කර සිය සහෝදරයකු සමඟ පාගමනින් නිවස කරා යමින් සිටි 21 හැවිරිදි ඇඟලුම් සේවිකාවක කන්දකැටිය බදුලුඔය හංදිය අසලදී ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගිය බව කියන ඇඟලුම් කම්හල් සේවකයන් දෙදෙනකු ත්‍රිරෝද රථයක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
පැහැරගැනීමට ලක් වූ තරුණිය මහියංගන සොරබොර වම් ඉවුර ප්‍රදේශයේ ප්‍රධාන සැකකරුගේ නිවසේ රඳවාගෙන සිටියදී නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිසිය සමත්ව ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 සහ 28 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු වන අතර, තරුණිය තාවකාලිකව කන්දකැටිය බදුලුඔය ප්‍රදේශයේ නිවසක නතර වී කරමැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන්නියක බව පොලිසිය සඳහන් කරයි.














