2026 ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද (21) පස්වරු 06.40 ට යෙදුණු සුබ නැකතින් වීථි සංචාරය ආරම්භ කර තිබේ. ශ්‍රී දළදා වීදිය සහ ඊ.එල්. සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ පෙරහැර ගෙවදීමට නියමිතය.
අද පෙරහැරේ සධාතුක කරඬු වහන්සේ වැඩමවීමේ පූජනීය කර්තව්‍යය ‘පුලතිසි රාජා’ ඇතා විසින් සිදු කරනු ලබයි. ඊයේ (20) වීථි සංචාරය කළ තෙවන කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩමවන ලද්දේ මියන්රාජා ඇතු විසින් වන අතර, දියවඩන නිලමේතුමන් වෙනුවට විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා පෙරහැරේ ගමන් කළේය.














