සහනදායී ක්‍රියාවලින් ඔබ්බට ගොස් අනාගත පරපුර උදෙසා තිරසාර පද්ධති ගොඩනැගීමේ අරමුණින් මහනුවර රොටරැක්ට් සමාජය, මහනුවර රොටරි සමාජය සහ Educate Lanka පදනම එක්ව ක්‍රියාත්මක කළ ‘Project Flowing Hope’ ව්‍යාපෘතිය පසුගියදා සාර්ථකව නිමා වුණා. මධ්‍යම පළාතේ සම්පත් අවම පාසල් තුනක පවතින ජල හා සනීපාරක්ෂක ගැටලු විසඳීම ඉලක්ක කරගත් මෙම බහු-අදියර යටිතල පහසුකම් ව්‍යාපෘතිය, 2025 අගෝස්තු සිට 2026 මැයි දක්වා කාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණා. දේශගුණික විපර්යාස සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි හේතුවෙන් ජල මට්ටම් පහළ යාම ඇතුළු අභියෝග රැසකට මුහුණ දුන් පාසල් දරුවන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය මහත් පිටුවහලක් වී තිබෙනවා.
මාවුස්සාව කනිෂ්ඨ විද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් පරිශ්‍රය පුරා ජලය ලබා ගත හැකි පරිදි අධි-ධාරිතා ජල පොම්ප සහ PVC නල පද්ධතියක් ස්ථාපිත කිරීමට ව්‍යාපෘතිය කටයුතු කළා. තලිහුංගම කනිෂ්ඨ විද්‍යාලයේ සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් වෙනුවට නවීන මෝටර් පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් සිසුන් 170කට අධික පිරිසකට පිරිසිදු ජලය ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා. සනීපාරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීමේ අරමුණින්, පැවති අනාරක්ෂිත වැසිකිළි පද්ධති ඉවත් කර නවීනතම පහසුකම් සහිත වැසිකිළි සංකීර්ණයක් ඉදිකිරීම ද මෙහිදී සිදු කෙරුණා. දේවාහන්දිය කනිෂ්ඨ විද්‍යාලය සඳහා අඩි 120ක් ගැඹුරු විදුම් ළිඳක් කැණීම සහ කර්මාන්ත ශාලා මට්ටමේ Reverse Osmosis ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීම ව්‍යාපෘතියේ අවසාන අදියරේදී සිදු කෙරුණා.
රුපියල් මිලියන 1.9 කට ආසන්න මුදලක් වැය කරමින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය හරහා පාසල් තුනක සිසුන් 240කට වැඩි පිරිසකට මෙන්ම අවට ගම්මානවල පවුල් 250කට පමණ තිරසාර ජල හා සනීපාරක්ෂක පහසුකම් හිමි වී තිබෙනවා. හුදු තාවකාලික සහනයක් පමණක් නොව, ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවමින්, ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා මෙවැනි ව්‍යාපෘති විශාල දායකත්වයක් ලබා දෙනවා.
















