මහනුවර ප්‍රධාන පෙළේ විදුහලක උසස් පෙළ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි සිසුවකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පේරාදෙණිය – ගන්නෝරුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකාර සිසුවා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 500 ක් සහ අයිස් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 900 ක් සොයාගෙන ඇත. පේරාදෙණියේ පදිංචිකරුවකු වන මෙම සිසුවා ලබන වසරේ (2027) උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකු බව පොලීසිය පවසයි. ඔහු මෙම මත්ද්‍රව්‍ය පාසල් මිතුරන් අතර අලෙවි කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු පේරාදෙණිය පොලීසියට භාරදී ඇත.














