සාධාරණ ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ ජාතික සංගමය විසින් එළඹෙන 10 සහ 11 යන දිනවල සියලුම රාජකාරිවලින් ඉවත් වී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇත.
සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. ඒ. බී. ඒ. විජේරත්න මහතා පවසා ඇත්තේ, ග්‍රාම නිලධාරී සේවය සඳහා සුදුසු සහ කරදරයකින් තොර සේවා ව්‍යවස්ථාවක් ලබා ගැනීම, ඉන්ධන දීමනා සහ ප්‍රමාණවත් කාර්යාල පහසුකම් ලබා දීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්මය දියත් කරන බවයි.














