මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය යටතට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2,000කි. ඉන් රුපියල් මිලියන 800ක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ණය මුදලින් ද, ඉතිරි රුපියල් මිලියන 1,200ක මුදල දේශීය අරමුදල්වලින් ද සලසා ගැනීමට නියමිතය.
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කරන ලෙස විශ්වවිද්‍යාල උපකුලපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිදු කළ ශක්‍යතා අධ්‍යයනයකින් පසු, එම විශ්වවිද්‍යාලය ද ව්‍යාපෘතියේ විෂය පථයට ඇතුළත් කර ගැනීමට හැකියාව පවතින බව හඳුනාගෙන ඇත.
එම ව්‍යාපෘතියේ කාලසීමාව 2025 ජනවාරි 01 දින සිට 2027 අගෝස්තු 31 දින දක්වා දීර්ඝ කිරීමට ද මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.
















