මෙරට පාතාල ලෝකයේ දරුණුතම අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කංජිපානි ඉම්රාන්’ ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද නොතකා, විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බව බුද්ධි අංශ තහවුරු කරයි.
2021 වසරේදී ඇප මත මුදාහැරීමෙන් පසු රටින් පලාගිය මොහු, මේ වන විට ජාත්‍යන්තර මාෆියා කල්ලි සමඟ අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටී. 2024 අගෝස්තු 02 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) හරහා රතු වරෙන්තුවක් නිකුත් කර තිබුණද, ඔහු නිරන්තරයෙන් තම වාසස්ථාන මාරු කරමින් ආරක්ෂක අංශවල ඇස් වසා සැඟවී සිටියි.
මෙම දරුණු අපරාධකරු පිළිබඳ හෝ ඔහුගේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම ජාත්‍යන්තර පොලිස් ඒකකය වෙත හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ අංශ වෙත දැනුම් දෙන ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
















