කන්තලේ ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ සිඳීගිය ළිඳකට වැටී සිටි තාරකා ඉබ්බන් 46 දෙනෙකු සහ කිරි ඉබ්බෙකු (Flapshell turtle) වනජීවී නිලධාරීන් විසින් සාර්ථකව බේරාගෙන තිබේ.
කන්තලේ වනජීවී කලාප නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බේරාගැනීමේ මෙහෙයුමෙන් පසුව, එම ඉබ්බන් 47 දෙනාම කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව කන්තලේ ජලාශයට මුදා හැරීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.













