පිළින්දල සිට රත්මලාන දක්වා දිවෙන කරදියාන ප්‍රදේශය හරහා වැටී ඇති අතුරු මාර්ගයේ දිගු කලක සිට අබලන්ව පැවති පාලම වෙනුවෙන් නව පාලමක් රුපියල් මිලියන 65ක වියදමින් ඉදි කෙරේ. මෙම අබලන් තත්ත්වය හේතුවෙන් දිනපතා අතිවිශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටි අතර, ඊට විසඳුමක් ලෙස බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම නව පාලමේ ඉදිකිරීම් ආරම්භ කර ඇත.
මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ සහ බොරලැස්ගමුව නගර සභාවේ සභාපති ප්‍රදීප් වෙදමුල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















