• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව කැඳවා අර්බුදයක් ඇති කරන්න අදහසක් නැහැ- කරු ජයසූරිය

23 April 2020
in දේශීය

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුව කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් නොමැති බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) පෙරවරුවේ රැස්වෙමින්.

මෙවැනි ව්‍යවස්ථාමය ගැටළුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් ජයසූරිය මහතා එහිදී පැවසුවේය.

එමෙන්ම ලොවටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මේ මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස තමන් සියලු පක්ෂ නායකයන්ගෙන් සහ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගරු ආර්. සම්බන්ධන් මහතා, ගරු මහින්ද සමරසිංහ මහතා, ගරු බිමල් රත්නායක මහතා සහ ගරු තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද ඊට එක්ව සිටියහ.

සාකච්චාව ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෝ සියළුම ස්වාධීන කොමිෂන් සභා වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කළහ. ස්වාධීන කොමිෂන් සභා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවා තිබූ කාර්ය සාධන වාර්තා මෙහිදී අවධානයට ලක් විය.

මෙම සාකච්ඡාවේදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත එවා තිබූ ලිපි 02ක් ද මෙහිදී අවධානයට ලක් විය.

මැතිවරණ කාලසීමාවේදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුකරන පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදිම් පොලිස් කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිසමේ එකඟත්වය ඇතිව සිදුකළ යුතු බව එක් ලිපියක සඳහන් විය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක් මේ වන විට සිදු කර ඇති පොලිස් ස්ථාන මාරුකිරීම් පිළිබඳව කරුණු මතු කළහ.ඒ අනුව මේ පිළිබඳ පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමට මෙහිදී තීරණය කරන ලදී.

එමෙන්ම හානිපූර්ණය සම්බන්ධව වන කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට හැකි වන ලෙස එම පුරප්පාඩු මීළඟ රැස්වීමේදී සම්පූර්ණ කිරීමටද මෙහිදී තීරණය විය.

ඉන්පසුව කෝවිඩ් 19 වසංගතය මෙරට පවතින තත්ත්වය හා එය වැලැක්වීමට රජය ගෙන ඇති පියවර මෙන්ම ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අනුගමනය කරමින් තිබෙන පියවර ද ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් දීර්ඝව පැහැදිලි කරන ලදී.

කෝවිඩ් 19 වසංගතය හමුවේ මැදපෙරදිග රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු සොයාබලා එම ගැටළු නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. එමෙන්ම විදේශ රටවල අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ගනු ලබන පියවර ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ අතර කෝවිඩ් 19 වසංගතය සමඟ රට තුළ ඇති වී තිබෙන ජාතික ව්‍යසනය විසඳීමට පටු දේශපාලන වාසි නොතකා සියළු දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.

එමෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීමේදී විධායකය පසුගිය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේද අදහස් ලබා ගනිමින් කටයුතු කිරීම සුදුසු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම අදහස් දක්වමින් කියා සිටිය හ.

Post Views: 14
Previous Post

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනේ

Next Post

පාර්ලිමේන්තු මැතිවරණය මාස තුනකටවත් කල්දාන්න ඕන – කැෆේ සංවිධානය

editor

editor

Next Post

පාර්ලිමේන්තු මැතිවරණය මාස තුනකටවත් කල්දාන්න ඕන - කැෆේ සංවිධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved