ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් උතුරු සහ නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාද යාත්‍රාවෙන් පැමිණි බැතිමතුන් සංඛ්‍යාව 25,000ක් ඉක්මවා ගොස් තිබේ. මෙවැනි ඉහළ බැතිමතුන් පිරිසක් පාද යාත්‍රාවෙන් පැමිණීම ඉතිහාසයේ වාර්තා වූ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකේ.
මහා වනාන්තරය මැදින් වැටී ඇති දුෂ්කර මාර්ග ඔස්සේ කුමන සහ යාල වනෝද්‍යාන හරහා මෙම බැතිමතුන් පිරිස කතරගම පුදබිම වෙත ළඟා වී ඇත. දීර්ඝ පා ගමනකින් පැමිණෙන ඔවුන් වෙනුවෙන් කතරගම පූජා භූමිය තුළ සහ මාර්ග දෙපස විවිධ දන්සල් සහ ආහාර පාන සැපයීමේ ස්ථාන රැසක් සංවිධානය කර තිබේ.
ඊයේ (15) දින ආරම්භ වූ මෙම ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය මේ මස 29 වැනි දින දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිතය. ලබන 30 වැනිදා උදෑසන මැණික් ගඟේදී සිදු කෙරෙන සාම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහර උත්සවය නිමාවට පත්වේ.
















