තල් ආශ්‍රිත නිෂ්පාදන ජනතාවට වඩාත් සමීප කරවීම සහ ඌව පළාතේ වෙළෙඳපොළ පුළුල් කිරීමේ අරමුණින්, තල් සංවර්ධන මණ්ඩලයේ 15 වැනි නව අලෙවි මධ්‍යස්ථානය කතරගම නගරයේදී පසුගියදා (24) විවෘත කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සුන්දරලිංහම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අලෙවි මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරුණු අතර, එමඟින් උතුරු සහ නැගෙනහිර පළාත්වල නිෂ්පාදනය කෙරෙන උසස් තත්ත්වයේ තල් ආශ්‍රිත නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් වීජේවීර, කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් කුලතිලක, කතරගම ප්‍රාදේශීය සභාපති එච්.එම්.ඩී. හේරත්, උප සභාපති කේ.ඩී. විමලතිස්ස සහ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආර්. රවින්දිරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















