ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ප්‍රසිද්ධ ‘වාසනා’ හස්තියා ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් යොදවා ගැනීමට තීරණය කර තිබේ.
රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය සඳහන් කළ පරිදි, දේවාලයේ වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත. වාසනා හස්තියාගේ සෞඛ්‍යාරක්ෂාව, යහපැවැත්ම සහ නිදහස තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පෙරහර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් ප්‍රවාහනය කිරීම සහ යෙදවීම සතාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයටද දැඩි තර්ජනයක් විය හැකි බැවින් මෙම සීමා කිරීම සිදු කර ඇත.














