දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු-මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. ඒ අනුව, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය **’අවධානය යොමු කළ යුතු’** මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














