රුපියල් එක්කෝටි හතලිස්අට ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පින්තාරුකරුවෙකි. ඔහු අද (27) උදෑසන 09.25ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 480ක ප්‍රමාණයක් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය සොසේජස් කරල් ලෙස සකස් කර, ඒ මත චොකලට් තවරා පැකට් කර, ජනප්‍රිය චොකලට් වෙළඳ නාමයක් ද මුද්‍රණය කර තිබීම විශේෂත්වයකි.මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














