වයඹ පළාතේ ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතාගේ ඉදිරි දකුණු පාදයේ ඇති තුවාලය සඳහා අද (26) තෙවැනි දිනටත් ප්‍රතිකාර සිදුකර තිබේ. නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් මෙම ප්‍රතිකාර කටයුතු සිදුකර ඇත.
ඇතාගේ තත්ත්වය සම්බන්ධයෙන් ගල්ගමුව සහ මීගලෑව වනජීවි කාර්‌යාලවල නිලධාරීන් අඛණ්ඩ අවධානයෙන් පසුවන අතර, ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදීමට අදාළ නිලධාරීන් කටයුතු කර තිබේ.
ප්‍රතිකාර කටයුතු සඳහා බාධා ඇති කරන පුද්ගලයන් පාලනය කිරීම සඳහා මීගලෑව පොලිස් නිලධාරීන්ගේ සහායද ලබාදී ඇති අතර, ඇතාට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරන බව සඳහන් වේ.
















