• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිර්තිව පැය 3360 ක් රවටලා

7 June 2018
in විදෙස්

බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා නොදී ජනාධිපති ලේකම්වරයා සහ කථානායකවරයා විසින් තමන්ව පැය 3360 ක් රවටා ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් අද (7) කථානායකවරයා වෙත ලිපියක් යොමු කළේය.

එම ලිපිය පහත පරිදි වේ.

 

2018 ජුනි 7

ගරු කථානායකතුමා,

කරු ජයසූරිය මැතිතුමා,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

 

ගරු කථානායකතුමනි,

බැදුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා ගැනීම සම්බන්ධයෙනි

2018 ජනවාරි 18 දින සිට මේ දක්වා දින 140 ක් උක්ත ලේඛන මා වෙත ලබා දෙන ලෙස ඔබතුමා වෙත ද, ජනාධිපති ලේකම්වරයා වෙත ද, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙනත් ආයතන වෙත ද ඉල්ලීම් කොට ඇත. බැදුම්කර මුදල් ලබා දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු විමසා අර්ජුන ඇලෝසියස් හා කසුන් පළිසේන මහත්වරුන් වෙත ලිපි යොමු කළ බව ඔබතුමන් හොදින්ම දනී.

මෙම ලේඛන මා වෙත ලබා දෙන බවට ඔබතුමන් ද, ජනාධිපති ලේකම්වරයා ද ලිඛිතව හා වාචිකව මා වෙත කරුණු දක්වා ඇත. නමුත්, අද දක්වාම මේ ලේඛන මා වෙත ලැබී නැත. අවම වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමක් හෝ පුස්තකාලයට ලබාදීමක් ද නැත.

බැදුම්කර වාර්තාව සන්තකයේ තබා ගෙන සිටි ජනාධිපති ලේකම්වරයා ද, එහි ඇමුණුම් කොටසක් සන්තකයේ තබා ගෙන සිටින ඔබතුමන් ද පැය 3360 ක් පුරා කළ මාගේ ඉල්ලීම යථාර්ථයක් කර නැත.

මා විසින් නැවත නැවත ඉල්ලා සිටින සී 350 ලේඛනය දැන් ඔබතුමන් සන්තකයේ ඇත. එම ලේඛනයට පාදක වූ ‘දත්ත ගොනුව‘ ද බැදුම්කර කොමිෂන් සභාව හා ජනාධිපති ලේකම්වරයා සතුව ඇති බව ඔබට මේ වන විට පැහැදිලිවී ඇති බව මාගේ විශ්වාසය යි.

1. කරුණාකාර විනාඩි 201,600 ක් පුරා මා විසින් ඉල්ලා සිටින සී 350 වාර්තාවේ පිටපත මා වෙත ලබා දෙන ලෙස ඉල්ලමි.

2. අදාළ වාර්තාවට පදනම් වූ දත්ත ගොනුව (Data Base) ද බැදුම්කර කොමිෂන් සභාව, රහස් පොලීසිය, ජනාධිපති ලේකම්වරයා සතුව පවතී. එම දත්ත ගොනුව අප වෙත ලබා දෙන ලෙස ද ඉල්ලමි.

ගරු කථානායකතුමනි,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම ඔබ සතුව පවතී. ඒ සදහා එකම මාර්ගය බැදුම්කර වංචාවේ ප්‍ර‍තිලාභීන් සාක්ෂි සහිතව අනාවරණය කිරීම ය. එම සාක්ෂි වසන් කිරීම තුළින් තවදුරටත් පීඩාවට පත්වන්නේ මෙම ක්‍රියාවට කිසි ලෙසකින් හෝ සම්බන්ධ නොවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

එබැවින්, මා නැවතත් ඉල්ලා සිටින්නේ මා විසින් ඉල්ලා සිටි බැදුම්කර වාර්තාවේ සම්පූර්ණ ඇමුණුම් මා වෙත ලබා දෙන ලෙසය.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

 

පිටපත්

1. ගරු විපක්ෂ නායකතුමා – ගරු ආර්. සම්බන්ධන් මහතා

2. ගරු සභානායකතුමා – ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

3. ගරු අනුර කුමාර දිසානායක මහතා

4. ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

5. ජනාධිපති ලේකම්තුමා – ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා

 

Post Views: 11
Previous Post

ලංකාවේ LTL අනුබද්ධ Asiatic සමාගම පිදුම් ලබයි

Next Post

එජාප පාක්ෂිකයින්ගේ ගැටළුවලට කඩිනම් විසදුම්

editor

editor

Next Post

එජාප පාක්ෂිකයින්ගේ ගැටළුවලට කඩිනම් විසදුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved