කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කිරීම මෙන්ම රුධිර පරීක්ෂණ සඳහා පාලන මිල ඉක්මවා වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, රුධිර පරීක්ෂණයක් සඳහා පනවා ඇති රුපියල් 400ක පාලන මිල ඉක්මවා රුපියල් 500ක මුදලක් මෙම රෝහල විසින් අය කර ඇති බවයි.
මීට අමතරව, සිදු කරන ලද පරීක්ෂාවකදී එම රෝහල තුළ කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබියදීද සොයාගෙන ඇත.














