“අවස්ථා දෙකකදීම සයනයිඩ් ලබාදීමට උත්සාහ කළ බවත්, වැලිසර බන්ධනාගාරයේදී තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත්” පවසමින් මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ අධිකරණයෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලා තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද (28) නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
ගම්පහ බබා සහ බබී නමැති සැකකරුවන් බෝට්ටු මගින් ඉන්දියාවට යැවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වී ඇත.
අදාළ සැකකරු ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔහු වැලිසර බන්ධනාගාරයේ සිට සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
















