කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව, ඉදිරි පැය 24 ක කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, **දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව** ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙම සුළු ගංවතුර තත්ත්වය ඇති විය හැකිය.
පවතින පුරෝකථනයන් අනුව ඉදිරියේදීත් අධි තීව්‍රතාවකින් යුතුව වර්ෂාව ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යා හැක. එබැවින්, මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්, ගඟ පරිහරණය කරන්නන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටී.














