පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අසුපිණී ඇල්ල සහ මාවනැල්ල ජල පවිත්‍රාගාර වෙත ජලය ලබාගන්නා ස්ථාන අවහිර වී ඇති බැවින්, එම පවිත්‍රාගාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයක් මතුවී තිබේ.
ඒ අනුව, මාවනැල්ල සහ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර, මාවනැල්ල සිට කරඳන හංදිය දක්වා සහ මාවනැල්ල – රඹුක්කන මාර්ගය ආශ්‍රිත ප්‍රදේශ වෙත ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදු කෙරේ.
කාලගුණික තත්ත්වය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජලය ලබාගැනීමේ ස්ථාන පිරිසිදු කර පවිත්‍රාගාර නැවත ක්‍රියාත්මක කරමින්, හැකි ඉක්මනින් සාමාන්‍ය ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කරමින් සිටී.














