බලවේග කට්ටලයක් සහ දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
ඒ අනුව, උදෑසන 5.55ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය සහ පස්වරු 4.00ට කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය ගමන් වාර ඊයේ (31) සහ අද (01) දිනවල අවලංගු කර ඇති බව එම සංගමය සඳහන් කරයි. මීට අමතරව ප්රධාන මාර්ගයේ පාර්සල් ප්රවාහන දුම්රිය සඳහා එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් එහි ගමන් වාර දෙකක්ද ඊයේ අවලංගු වූ අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය යටතේ කළුතර, මග්ගොන ද්විත්ව දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතුද ඊයේ ආරම්භ කෙරිණි.
















