විදෙස් රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් මිලියන 4.99ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ 32 හැවිරිදි පුද්ගලයෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත කිලිනොච්චි කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ආරම්භ කරන ලදී. සැකකරු විදෙස් රටක රැකියාවක් ලබාදෙන බව පවසා පැමිණිලිකරුගෙන් මෙම මුදල ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් ඉන්දීය ජාතිකයෙකි. කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත අතර, කිලිනොච්චි කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.















