කිළිනොච්චිය මූලික රෝහල් භූමියේ පිහිටි ළිඳක් සුද්ධ පවිත්ර කිරීමේදී හමු වූ අබිරහස් ඇඳුම් කට්ටලය, යුද සමයේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදී සංවිධානය විසින් භාවිත කරන ලද නිල ඇඳුමක් බවට කිළිනොච්චිය පොලිසිය විසින් පවත්වන ලද දීර්ඝ විමර්ශනවලදී තහවුරු කරගෙන තිබේ. රෝහල් පරිශ්රයේ පිහිටි ළිඳේ අපද්රව්ය ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්රයක් යොදා ගනිමින් සිදුකළ කැණීම් කටයුතුවලදී මෙම ඇඳුම් කට්ටලය මතුවී ඇති අතර, ආරම්භයේදී මෙය ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ ඇඳුමක් බවට සැක පළ වුවද පසුව සිදුකළ විශේෂ පරීක්ෂණවලදී එය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ බවට හඳුනාගෙන ඇත.
මෙම සොයාගැනීමත් සමඟ ප්රදේශයේ අතීත යුද සමයේ සඟවන ලද ආයුධ හෝ වෙනත් යුධ උපකරණ පවතින්නේද යන්න පිළිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති අතර, සිදුවීමට අදාළව කිළිනොච්චිය මහේස්ත්රාත් අධිකරණය වෙත පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබේ. හමු වූ අදාළ නිල ඇඳුම් කට්ටලය නීත්යානුකූලව විනාශ කර දැමීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු කිළිනොච්චිය පොලිසිය මඟින් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.
උතුරු පළාතේ මහජන යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්රතිසංස්කරණ කටයුතු සිදුවන අවස්ථාවලදී යුද සමයට අයත් මෙවැනි ද්රව්ය හමුවීම සාමාන්ය තත්ත්වයක් වුවද, ජාතික ආරක්ෂාවට හෝ ප්රදේශයේ අභ්යන්තර ස්ථාවරත්වයට ඉන් කිසිදු තර්ජනයක් එල්ල නොවන පරිදි ආරක්ෂක අංශ විසින් විමර්ශන කටයුතු තහවුරු කරනු ලබයි. ඉදිරි කාලසීමාව තුළ අධිකරණ උපදෙස් මත අදාළ නීතිමය ක්රියාපටිපාටිය අවසන් කිරීමට නියමිත අතර, රෝහල් පරිශ්රයේ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට බලධාරීන් පියවර ගෙන ඇත.
















