ලෝක ෆෝමියුලා 1 (Formula 1) මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ නවතම වාර්තා රැසක් පිහිටුවමින් සිටින මර්සිඩීස් (Mercedes) කණ්ඩායමේ 19 හැවිරිදි සුපිරි ක්‍රීඩක කිමී ඇන්ටොනෙල්ලි (Kimi Antonelli), බාධා කිරීම් රැසකින් සමන්විත වූ අතිශය තරගකාරී මොනැකෝ ග්‍රෝන් ප්‍රී (Monaco GP) තරගාවලියේ ද විශිෂ්ට ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව තිබේ. තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම පෙරමුණ ගනිමින් ඇන්ටොනෙල්ලි ලබාගත් මෙම ජයග්‍රහණයත් සමඟ, ලෝක රියදුරු ශූරතාවලියේ (Drivers’ Championship) ප්‍රසාද ලකුණු සටහනේ ෆෙරාරි (Ferrari) කණ්ඩායමේ සත් වරක් ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ට (Lewis Hamilton) වඩා ලකුණු 66ක් ඉදිරියෙන් සිටීමට මෙම යොවුන් ක්‍රීඩකයා සමත්ව ඇත.
මොනැකෝ පරිශ්‍රයේදී ලොව ලාබාලතම තරග ජයග්‍රාහකයා ලෙස මීට පෙර වාර්තාව තබා තිබූ 41 හැවිරිදි ලුවිස් හැමිල්ටන් මෙවර තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් අතර, රෙඩ්බුල් (Red Bull) කණ්ඩායමේ අයිසැක් හැජ්ජාර් (Isack Hadjar) තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. චීන තරගාවලියේදී ලබාගත් සිය ප්‍රථම ජයග්‍රහණයෙන් පසු අඛණ්ඩව තරග 5ක් ජයග්‍රහණය කරමින් ලුවිස් හැමිල්ටන් සතු වූ හොඳම අඛණ්ඩ ජයග්‍රහණ වාර්තාව සම කිරීමට ද මෙම ඉතාලි ජාතික තරුණ ක්‍රීඩකයාට හැකි වී තිබේ. තමන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඇන්ටොනෙල්ලි කියා සිටියේ, මෙය තමන්ට ඉතාමත් විශ්මයජනක සති අන්තයක් වූ බවත්, මෝටර් රථයේ පවතින ඉහළ තාක්ෂණය තමන්ට උපරිම වේගයකින් ධාවනය කිරීමට විශාල විශ්වාසයක් ලබාදුන් බවත්ය.
මෙවර තරග වාරය තුළදී මැක්ලරන් (McLaren) කණ්ඩායමේ ඔස්කාර් පියස්ත්‍රි (Oscar Piastri) සිව්වැනි ස්ථානය දිනාගත් අතර, රේසිං බුල්ස් (Racing Bulls) කණ්ඩායමේ ලියම් ලෝසන් (Liam Lawson) සහ ආර්විඩ් ලින්ඩ්බ්ලැඩ් (Arvid Lindblad) පස්වැනි සහ හයවැනි ස්ථාන දිනා ගනිමින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ හොඳම දක්ෂතාව සනිටුහන් කළහ. එසේම, මෙම තරගයේදී ලුවිස් හැමිල්ටන් මොනැකෝ පරිශ්‍රය තුළ වැඩිම පෝඩියම් (Podiums) සංඛ්‍යාවක් ලබාගනිමින් අසමසම ක්‍රීඩක අයටන් සෙන්නා (Ayrton Senna) තබා තිබූ වාර්තාව (08 වතාවක්) සම කිරීමට ද සමත් විය. කෙසේ වෙතත්, රෙඩ්බුල් කණ්ඩායමේ සිව් වරක් ලෝක ශූර මැක්ස් වර්ස්ටැපන් (Max Verstappen) එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වූ අතර, ලෝක ශූර ලැන්ඩෝ නොරිස් (Lando Norris) ද බැටරි ගැටලුවක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට සිදුවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
















