27 April 2024
#දේශීය

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට කිංස්ලි රත්නායක පත් කෙරේ

ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අදාළ පත්වීම අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්විම් ලිපිය ලබාදී ඇත.

විසි හත් (27) වසරක මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ඒ මහතා ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍ය නාලිකාවක වැඩසටහන් කළමනාකරුවෙකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ නාලිකා ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හෙබවීය.

ශ්‍රී ලාංකීය ගුවන් විදුලියේ නව හැරවුමක් සනිටුහන් කළ කිංස්ලි රත්නායක මහතා නිර්මාණශීලි හැකියාවන් තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ අයෙකි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *